නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා තිබේ.
ඊයේ (31) වතුයායේ නිරික්ෂණ චාරිකාවක නිරත වු මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් තමාට ඒ
පිළිබදව උපදෙස් ලබාදුන් බව එම වතුයායේ වතු අධීකාරි දිෂාන් සෙනවිරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.
මාවුස්සාකැලේ ජලාශයට ඉහලින් මරේ දිය ඇල්ලට නොදුරු එම වතුයායේ තිබු නිවාඩු නිකේතනය කඩා ඉවත් කර ඒ වෙනුවට අළුතින් නිවාඩු නිකේතනයක් ඉදිකිරිම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ අඹගමුව ප‍්‍රාදේශීය සභාවෙන් ඒ සදහා අනුමැතිය ලබා ගෙන ඇති බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම නිවාඩු නිකේතනය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් හටගෙන තිබුණි.