සෞඛ්‍ය අධ්‍යයන කාර්යාංශයේ පසුගියදා (03දා) පැවැති ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් මහාචාර්ය හේමන්ත සේනානායක පවසා ඇත්තේ,
දරුවකු බිහිකරන අවස්ථාවේ චිත්ත ධෛර්යය වැඩිකිරීමේ අරමුණින් සෑම ගර්භණී කාන්තාවකටම තමන් කැමැති කාන්තාවක් සූතිකාගාරයට කැඳවා ගැනීම සඳහා අවස්ථාව හිමිකර දෙන බවයි.
 කොළඹ කාසල් කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සේනානායක වැඩිදුරටත් කියා සිටියේ
වර්ෂ 2008 සිට කාන්තා

සහායිකාවක් කැඳවා ගැනීම සඳහා ගර්භණී කාන්තාවකට අවස්ථාව හිමිකරදී  ඇති බව හා  2011 සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපාය මාර්ගික සැලැස්මට මේ අයිතිය ලබාදීම ඇතුළත් කර ඇති බවකි.
මේ අනගි අයිතිය ලබා ගන්නා ලෙස සෑම ගැබිනි කාන්තාවකටම අනුබල දීම මෙම වසරේදී දීප ව්‍යාප්තව සිදුකිරීමට බලාපොරොත්තු වන බව පැවැසූ ඔහු එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැයි ගැබිනි කාන්තාවන්ගෙන් ඉල්ලීමක්ද කෙළේය.
මේ දක්වා පුද්ගලික රෝහල්වල ගැභිණි මවගේ සැමියාට එවැනි අවස්ථාවක් හිමුවුවද රජයේ රෝහල්වලට එවැනි අවස්ථාවක් ප්‍රායෝගිකව ලැබී තිබුනේ නැත.

දයා පෙරේරා