ඊයේ පැවති ඇමරිකානු ජනපතිවරණයේදී හිටපු ධවල මන්දිර කාර්ය මණ්ඩල සහායිකා මොනිකා ලිවින්ස්කි කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන එරට ටැබ්ලොයිඞ් පත්තර සොයා බලා තිබෙන අතර ජනපතිවරණ දිනයේ ඇය ඇමරිකානු නිවසින් අතුරුදන්ව සිටි බව පැවසුණා.

හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන බිල් ක්ලින්ටන් ඇමරිකාවේ ජනපති පුටුව හොබවන සමයේ මොනිකා සමග පැවති අයථා සම්බන්ධකම් අනාවරණයවීම නිසා එකල ක්ලින්ටන් ජනපති අපකීර්තියට පත්වූ අතර ඔහුට රට ඉදිරියේ වරද පිළිගන්නට සිද්ධ වුණා.
පසුව හිලරි ඇමරිකානු ජනපති සටනට ආ නිසා මොනිකා ගැන යලි කතාබහ ඇතිවුණ නමුත් හිලරිගේ වාසනාවට මොනිකා ගැන වචනයක් හෝ නොකියන්නට ප‍්‍රතිවාදී ජයග‍්‍රාහී අපේක්ෂක ට‍්‍රම්ප් කටයුතු කර තිබුණා. හිලරිද එවැනි කෙනෙකු සිටියේ නැති ගාණට ඡන්ද සටනේදී හැසිරුණා.

පසුගිය දිනෙක මොනිකා ප‍්‍රසිද්ධ ස්ථානයකදී මාධ්‍ය කණ්ඩායමකගේ උකුසු ඇසට හසුවී ජනපතිවරනය ගැන ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබුණත් ඇය එම අවස්ථාව මගැහැරිය බවද පැවසුනා.
ඊයේ ඇය ජනපතිවරණය මගහරිමින් ස්විඩනයේ සමාජ සේවා කටයුත්තකට එක්ව සිටි බව පැවසුණා.මොනිකා ඇමරිකාවේ ප‍්‍රකට නිවේදිකාවකද වෙනවා.