හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ආණ්ඩු සමයේ රාජපක්ෂ ජනපති අනුමැතිය යටතේ 'Aava' කල්ලියක් ස්ථාපිත කරන ලද බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ ඉදිරිපත් කරන ලද චෝදනා  අද දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා.
ඔහු  රාජිත සේනාරත්න මහතාට 'ද්වේෂ සහගත'

චෝදනා කර කර ඉන්නේ නැතිව සිය අමාත්‍යංශයේ රාජකාරී කලා නම් වඩා හොඳ යයි දන්වා සිටියා.
‘ඇමති ධූරයක් ලබා දී ඇති කෙනෙකු හැටියට ඔහු සිය කටයුතු කළ යුතුයි තමන් නොදන්න දේවල් ගැන විකාර කතා කීම ගැලපෙන්නෙ නෑ. එවැනි කල්ලියක් මට කළ හැකි යයි ඔහු සිතනවා නම් එය මං ගැන වර්ණනාවක්‘ යයි හිටපු ආරක්ෂක ලේකම්වරයා දන්වා ඇත.