මාර්ග නීති කඩකරන රියදුරන් සඳහා රුපියල් 2500ක අවම දඩයක් පැනවීමට අයවැයේ යෝජනාවට විරෝධය
පළකරමින් අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කරන බවට කියූ දීපව්‍යාප්ත බස් වර්ජනය අතහරින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටී.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග අද පස්වරු 5ට සාකච්ඡාවෙන් පසු මෙම තීරණය දැනුම් දී ඇත.