කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පවතින රථවාහන තදබදයට ලබන 15 වැනිදාට පෙර විසඳුම් ලබාදීමට රජය කටයුතු නොකළහොත් පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.



මේ වන විට පවතින රථවාහන තදබදය හේතුවෙන් බස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් උදෑසන කාලයේදී පවතින තදබදය හේතුවෙන් බස් රථයක ධාවන වේගය පැයට කිලෝමීටර් 4 දක්වා අඩුවී ඇති බවත් හදිසි අවස්ථාවකදී මෙය වඩාත් ගැටලුකාරී බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
මේ පිළිබඳ බලධාරීන් කිහිප අවස්ථාවකදීම දැනුවත් කළද කිසිදු පිළිතුරක් ලබාදීමට ඔවුන් පියවර ගෙන නොමැති බැවින් අකැමැත්තෙන් වුවද ලබන 15 වැනි දින වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග 30ක බස් රථ ධාවනයෙන් ඉවත්වන බව ඒ මහතා තවදුරටත් සඳහන් කරයි.

ජාලිය සෙනෙවිරත්න