පැපිලියාන ෆැෂන් බග් ගිනිගනී


ඊයේ 19 රාත්‍රී බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ පිහිටි ෆැෂන් බග් ප්‍රකට නිමි ඇඳුම් සාප්පු ශාඛාව ගිනි ගැනීමට ලක්විය.
මෙම ගින්න මැඩපැවැත්වමට ගිනිනිවන රථ 6 ක් පමණ ඒ වෙත ගමන් කර තිබුණි. පැපිලියාන හා අවට උදෑසන සිට ජල කප්පාදුවක් පැවති නිසා ගින්න නිවීමට අවශ්‍ය ජලයේ හිඟයක් පැවති බවද
වාර්තා විය.


මෙම ගින්නෙන් අදාළ සාප්පුව මුළුමණින්ම පාහේ විනාශ වී ඇතැයි තතුදත් ආරංචි අනාවරණය කළා.
මෙම ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා බැලීමට අදාළ සීසීටීවී වාර්තා පොලිසිය මගින් ලබාගෙන තිබෙන අතර පොලිසිය ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන්නට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් ගැනද වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම ෆැෂන් බග් ආයතනය මුස්ලිම් ජාතික ව්‍යාපාරයක් වීමත් මින් ඉහත 2013 වසරේ සිංහල බොදු අන්තවාදී කණ්ඩායමක් විසින් මෙම ස්ථානයට ප්‍රහාරයක් එල්ලකිරීමත් නිසා අද සිද්ධවූ ප්‍රහාරයට එවැනි ජාතිවාදී බලපෑමක් ඇතිද යන්න ගැන සැකයක් එල්ලවී තිබේ.
කෙසේ වෙතත් ගින්න අභ්‍යන්තර හේතුවක් මත සිදුවූ දෙයක්ද නොඑසේ නම් හිතාමතා ඇතිකරවන ලද්දක්ද යන්න ගැන තවම අනාවරණය නොවේ.