කොණ්ඩ කපා නැති ප්‍රශ්නෙකට
ධර්මරාජයේ සිසුවාට පහරදුන්
ආදි සිසුන් අත්අඩංගුවට


පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වූ මහනුවර ප්‍රදේශයේ  පාසලක් ඉදිරිපිටදී විශාල පිරිසක් බලා සිටියදී පාසල් සිසුවෙකුට කිහිපදෙනෙකු එක්වී පහරදෙන වීඩියෝවට අදාළ පොලිස් පරීක්ෂණ අනුව අද සවස සිව්දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ. ඒ අනුව මෙම සිද්ධියට මුල්වූ කතාවද හෙළිදරව්වී ඇත.
වාර්තාවන ආකාරයට එම පහරදීමට මුල්වූ පාසල මහනුවර ධර්මරාජ විද්‍යාලයයි. එම පහර කෑ සිසුවා එම පාසලේ ශිෂ්‍ය නායකයෙකු හා පෙර අවස්ථාවක රණ්ඩුවකට පැටලී ඇති අයෙකි.
පාසලේ නීති රීති වලට පටහැණිව අදාළ සිසුවා කොන්ඩය දිගට වවා පැමිණීම නිසා
සිසුනායකයා ඔහුට කොන්ඩය කපා


පැමිණෙන ලෙස අණ කර ඇත. නමුත් එය නොරිස්සූ එම සිසුවා සිසු නායකයාට පහරදී ඇත.

එම අවස්ථාවේ පහරකෑමෙන් සිසු නායකයා පරාජයට පත්ව කරබා සිටින්නට සිදුව ඇති අතර එයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට මෙම පහරදීම ගැන පාසලේ බලධාරීන්ට හෝ වෙනත් කිසිවෙකුට සැල කිරීමට ඔහුට හැකියාව තිබුණත් එසේ නොකර පුද්ගලිකව ප්‍රති ප්‍රතිප්‍රහාරදීම් සැලසුමක් ඔහු ක්‍රියාත්මක කර තිබේ. ඒ සඳහා ඔහු උපයෝගී කරගෙන ඇත්තේ පාසලෙන් මෑතකදී අධ්‍යාපනය ලබා අස්වී ගිය ආදි සිසුවන් හතර දෙනෙකි. ඔවුන්ට පාසල ඇරෙන වේලාවට පාසල් ගේට්ටුව ළඟට එන්නට කියා මෙම සිසුවාව පෙන්වා අදාළ පලිගැනීම සිදු කර ඇත.

සිය ගණනක් පිරිස් බලා සිටියදී කිසිදු බියකින් සැකයකින් තොරව පාසලේ ප්‍රශ්නය පිටතදී විසඳන්නට ගිය මෙම සිසුන්ව කොටුවූයේ වීඩියෝව නිසාය.
මෙම පහරදීම වීඩියෝවකින් පටිගතවී සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් පසු පහරදීම් කළ අයගේ මුහුණුද හොඳ හැටි අඳුනාගන්නට හැකියාව ලැබුන අතර පොලිසිය ඔවුන් පහසුවෙන් අත්අඩංගුවට ගෙන තිබුනි.
මෙම පහරදීම සිදුකළ බව කියන සැකකාර ආදි සිසුන් සිව් දෙනා මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ වීඩියෝව පහතින්