උතුරු පළාතේ ක්‍රියාත්මක ආවා නමැති කල්ලිය හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාගේ අනුදැනුම මත හමුදාවේ
හිටපු නිලධාරියෙකු විසින් බිහිකළ කල්ලියක් බව

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (02) පැවැසීය.
‘ආවා කල්ලිය බිහිකළ හමුදා නිලධාරියා මම නමින් දන්නවා  මෙම තොරතුරු හෙළිදරව් කරන්නේ බුද්ධි අංශවලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි.
යුද්ධය අවසන් වූ පසු උතුරේ සන්නද්ධ කණ්ඩායම් මර්දනයට හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාගේ අනුදැනුම මත හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකු මෙම ආවා කල්ලිය බිහි කළා. එම කල්ලියට ආයුධ දුන්නා. යතුරු පැදි දුන්නා. ඔවුන්ව ‍පෝෂණය කළා. අද එම ආවා කල්ලියම උතුරු පළාත නොසන්සුන් කිරීමට කටයුතු කරනවා.
අදටත් මෙම ආවා කල්ලිය මෙහෙයවනු ලබන්නේ එය බිහිකළ පිරිස් විසින් ඔවුන්ගේ අරමුණ උතුරු පළාතේ කලබල ඇතිකර ආණ්ඩුව වැට්ටවීම‘ ඔහු  පැවැසීය.