අනියම් පෙම් සම්බන්ධතාවක් මත සිත්තැවුලට පත් දෙහිවල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු තම සිරුරට භූමිතෙල් හලා ගෙන ගිනි තබාගෙන සිදුකරගත් බරපතළ
තුවාල මත කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන්


පසු මියගොස් තිබේ.
පෙරේදා (13දා) රාත්‍රි 11.30ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සියඹලාවල ඉඹුලාන රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි අයි.පී. ජයරත්න නමැත්තකු බව පොලිසිය පැවැසීය.

මියගිය අය දෙහිවල ප්‍රදේශයේ නිවෙසක තාවකාලිකව පදිංචිව සිටි අයකු බවත් අනියම් ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ සිත්තැවුලකින් මෙසේ සියදිවි හානිකරගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (14දා) කළුබෝවිල රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි