පසුගියදා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ගමන් කරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩක මහේල ජයවර්ධන පුමුඛ
කරගත් ටේ‍්‍රල් පුණ්‍යායතනය සංවිධානය කළ ‘තරණය‘ පාගමනේ


සංඛ්‍යාලේඛන මේ වනවිට ප‍්‍රසිද්ධියට පත් කර ඇත.
එම මුළු ගමනේ දුර කිලෝ මීටර 670 ක් විය. සංවිධායකයින් 31 ක් දෙනෙකු එම මුළු දුරම ගෙවා ඇති අතර මගදී එක්වූ පිරිස සමග මුළු පාගමනට දායකත්වය 75000 ක පිරිසකි.

මග දෙපස අය ලබාදුන් ආධාර මුදල් පමණක් ලක්ෂ 430 ක් වී ඇත. සමස්ත පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් ආදායම මේවනවිට ලක්ෂ 4000 ක් හෙවත් කෝටි 40 ක් පමණ වේ යයි ගණන් බලා ඇත.
කරාපිටියේ පිළිකා රෝහලට ලක්ෂ 7500 ක් පමණ වැයවන අතර ඉතිරි මුදල ලබාදෙන්නට තමන් මුල් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනටමත් නිල වශයෙන් දැනුම් දී ඇත.