විමල් පාර්ලිමේන්තුවේදී කතානායකට
‘හීන් බබා සීයා ‘ කීම නිසා
උණුසුම් තත්වයක්



මේ දිනවල දෙරණ නාලිකාවේ ප්‍රචාරය වන සිඳු ටෙලි නාට්‍යයේ හීන් බබා සීයා නමැති චරිතයකට කතානායක කරු ජයසූරිය සමාන බව කියමින් ඊයේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ විවේචනයක් ඉදිරිපත් කළා.
වැට් බදු සම්බන්ධ ගැසට් පත්‍රය නැවත ඉදිරිපත් කිරීමේදී හටගත් දෝෂයක් ගැන
විමල් හා බන්දුල මන්ත්‍රීවරුන් තර්ක කරන අවස්ථාවේ කතානායක කරු


ජයසූරිය එයට මැදිහත්වී කතාකරද්දී කතානායකවරයා පක්ෂපාතී බවට චෝදනාවක් කරමින් ‘කතා වෙලාද තීන්දුව දුන්නේ. ඔබතුමා හරියට හීන් බබා සීයා වගේ‘ යනුවෙන් විමල් කියා සිටියේය. කෙසේ නමුත් එම අවස්ථාවේ විමල්ගේ මයික්‍රෆෝනය ඕෆ්වීම නිසා කතානයකට හරිහැටි එය ඇසුනේ නැත.“මොකක්ද කිව්වේ… මොකක්ද කිව්වේ…?” කියා ඒ නිසා නැවත විමසුවේය.
පහත පළවන්නේ එම සංවාද අවස්ථාවේ වීඩියෝවයි
(වීඩියෝවේ 1:55 තත්පරයේදී විමල්ගේ වචනය තිබේ)