මිග් යානා ගනුදෙනුවට අදාලව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන
කොට්ඨාසය විසින් සිදුකළ ඉල්ලීමක් සළකා බැලූ කොළඹ


කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20)  වරෙන්තු නිකුත් කළාය.
 මහින්ද සමයේ රුසියානු තානාපති ලෙස සිටි උදයංග වීරතුංග අවි ජාවාරම් කළ බවට හා ඔහුගේ සමීපතමයෙකු ලෙස සිටි ශ්‍රී ලාංකිකයෙකු රහස් එළිකරාවි යන සැකයට මරා දැමූ බවට සැකකරුවෙකු වි සිටි අතර එම රජය පෙරළුණ පසු නැවත ලංකාවට ආවේ නැත.
නමුත් මහින්ද පසුගිය කාලයේ සිදු කළ සංචාර වලදී ඒ ඒ රටවලට ඔහුට හිමි රාජ්‍යතාන්ත්‍රික බලපත උපයෝගයෙන් සංචාරක වීසා ලබාගෙන ගොස් තිබුණි.
 ඔහු අල්ලන්නේ නැතිදැයි රජයෙන් නැවත නැවත ප්‍රශ්න කිරීම් කලද ඔහු නිරුපද්‍රිතව සිටියේය.
 මූල්‍ය අපරාධ කොට්ඨාසය මිග් යානා ගනුදෙනුවට ඔහු සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එම වාර්තාව පිළිගත් කොටුව මහේස්ත්‍රාත්වරිය අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළාය.