ජර්මනියේ  නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සරෝජා සිරිසේන පත් කර ඇත.විදේශ සේවයේ කාර්යක්ෂම හා
පරිණත නිලධාරිනියක ලෙස පැවසෙන ඇය මුම්බායිහි කොන්සලේට් ජනරාල් ධූරයේ පසුගිය කාලයේ සේවය කළාය.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ හිටපු බිරිඳද වන ඇය දැනට ඔහුගෙන් ඉවත්ව සිටී. ඇයගේ දෙමාපියන් විශේෂඥ වෛද්‍යවරුන් බවද පැවසේ.
ඕස්ට්‍රෙලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලබා ඇති ඇය දිගු කලක් වාසය කළේ ස්විට්සර් ලන්තයේය.
කෙසේ නමුත් ඉන්දියාවේ Upper Crust සගරාවේ 2015 දෙසැම්බර් කලාපයේ මුල් පිටුවේ වයින් වීදුරුවක් අතැතිව නිරූපිකාවක ලෙස පෙනී සිටිම නිසා ඇය ගැන පසුගිය කාලයේ විවේචන පළව තිබිණි.(පහළම ඡායාරූපය)