පසුගියදා ජනපති මෛත්‍රී සිදු කළ කතාවෙන් පසු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තුමිය ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණ අතර ඒ ගැන විවේචනාත්මකව අදහස් පළ කළ

ඇමති රාජිත සේනාරත්න ඊයේ (19)

පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ ඇය විශ්වාස නැති කතාවකි. මහින්දගේ ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් ඇය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවීමට පැමිණ ගොස් පැයක් විතර යද්දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලැබී ඇය පැමිණ විමසූ කාරණා පරීක්ෂා කර තිබුණ බව කියූ ඇමතිවරයා ඒ ආකාරයට තොරතුරු ‘ලීක්වීම‘සැකයට හේතුවන බව කියා තිබුණි.
මෙම ප්‍රකාශය පිළිබඳ මහින්ද රාජපක්ෂ ඊයේ පැවති හමාධය හමුවකදී පවසා ඇත්තේ  කාර් එකට ටයර් 4ක් ගන්න, ගේ ඉල්ලලා ජනපති මෛත්‍රිපාල සිරිසේනට කතා කළ නමුත් එවැනි දෙයකට කිසිසේත් කතා නොකළ බවයි.
“රාජිත ඇමතිතුමා කියන දේවල් බොරුද කියලා ඇත්තද මේ රටේ ජනතාව  මට වඩා හොඳින් දන්නවා“ ඔහු කියා ඇත.