පසුගියදා මහියංගනයේ රිදී මාලියැද්ද ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයකට ජනපති
මෛත්‍රිපාල ගිය අවස්ථාවේ රැස්ව සිටි පිරිස

සමග සුහද කතාවක නිරතවූ අතර එක්වරම එතැන සිටි කාන්තාවක ඒ අසළ සිටි ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්නට ඇඟිල්ල දිගු කරමින් ජනපතිට පවසා ඇත්තේ,
‘මෙයා නම් අපට ගෙවල් හදලා දෙනවා කියල පොරොන්දු වුණා. ඒත් පැත්ත පළාතෙවත් ඡන්දෙන් පස්සේ ආවෙ නෑ..’ යනුවෙනි.
 ඒ අවස්ථාවේ රැස්ව සිටි පිරිස ඇගේ නිර්භිත කම අගය කළ අතර ලක්ෂ්මන් සෙනෙවිරත්න ඇමතිවරයා ලජ්ජාවෙන් ඇඹෙරෙමින් සිට ඇත.
ජනපති ඒ ගැටලූව විසඳීමට අවශ්‍ය තොරතුරු ලබාගන්නට ඒ අවස්ථාවේ කෙනෙකු යොමු කරන ලදි.