දිවයිනට සපයන විදුලි බලයේ සියයට හැටකට ආසන්න ප්‍රමාණයක වගකීම දරන නොරොච්චෝලේ බලාගාරයේ කාර්මික දෝෂය නිසා පසුගියදා විදුලි බල කප්පාදුවක් සිදු කරන්නට විදුලිබල හා පුනර්ජනනීය
බලශක්ති අමාත්‍යංශයට සිදු විය.

එහි විදුලි ජනන එන්ජින් ක්‍රියාත්මකවීම සම්පූර්ණයෙන් ඇරඹීමට දින 5 ක් පමණ  ගතවන තත්වයක් තුළ විදුලි බලය පරිස්සම් කරමින් ජාතික පද්ධතියේ කප්පාදු ඇති කෙරිණි. එහි දෝෂය නිමාවට පත් කරමින් අද සවස වනවිට එන්ජින් 2 ක් සක්‍රීය වී තිබේ. ඒ නිසා
 සිදු කළ විදුලි බල කප්පාදුව අද 19 ට නියමිත කාලසටහනේ සවස කොටසේ සිට අතහැර දමන්නට හැකියාව ලැබී ඇති බ  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය දන්වා ඇත.
දෙවන විදුලි ජනන යන්ත්‍රයද සක්‍රීයවී ඇති බැවින් පස්වරුවේ සිට මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවී ඇත.