දෙවැනි ලෝක යුද්ධය ආරම්භ කළ ජර්මන් දේශපාලඥයෙකු හා නාසි නායකයෙකු වුණු ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබූ ඕස්ටි‍්‍රයාවෙ පිහිටි නිවස කඩා බිඳ දැමීමට එරට රජය තීරණය කර තිබෙයි.
එම නිවස ගරු බුහුමන් ලබමින් පැවතීම නව නාසි නායකයන් බිහි වීම සඳහා අනුබලයක් විය හැකි බැවින්
කඩා බිඳ දැමීමට තීරණය කළ

බව ඕස්ටි‍්‍රයා රජය පවසයි. හිට්ලර් උපන් නිවස කඩාබිඳ දැමීමෙන් පසුව එම ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ලක් හෝ පුණ්‍ය
ආයතනයක් ඉදිකිරීමට යෝජිත
මෙම නිවස දැනට පුද්ගලික අයිතිකාරියක් යටතේ පවතින අතර ඇය එය විකිණීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා ගැටලුව සංකීර්ණ වී තිබෙයි.
ජර්මන් හා ඕස්ට‍්‍රියා දේශ සීමාව ආසන්නයේ පිහිටි මෙම තෙමහල් ගොඩනැගිල්ලේ මුදුන් මහලේ කුලියට
ගත් කාමරයක වර්ෂ 1889 අපේ‍්‍රල් 20 දින ඇඩොල්ෆ් හිට්ලර් උපත ලබා තිබෙයි. මෙම නිවසේ හැඩය හා හිට්ලර්ගේ මුහුණේ හැඩය සමාන යයිද ඇතැම් පුවත්පත් වාර්තා පළව තිබුණි.