අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මිය අද අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස යළි වැඩ බාරගන්නා ලදී.

ඇය මීට සුළු මොහොතකට පෙර මෙලෙස දිවුරුම් දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී ය.
ඇය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කටයුතු කිරීමට පෙර මෙම තනතුරේ කටයුතු කළා ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වූ ඇය තම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද්දේ ඉකුත් 17 දාය.
ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් පිළිගනු ලැබුවේ ඊයේ (19)පස්වරුවේය.