Update: Nov1 -11am.
ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතනය තහනම්
නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා ඇති බව අද (1) වාර්තා විය.
ඊයේ (31) වතුයායේ නිරික්ෂණ චාරිකාවක නිරත වු මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින්මෙම තීරණයට එළැඹ ඇත.
------------
Update: Oct31 -2pm.
ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව
සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය

පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය කර හරින ලද ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතනයක් ඉදිකරන්නට යන සංසිද්ධිය මේ වනවිට බොහෝ දුරදිග ගොස් තිබේ.
මෙම කතාව ජාතිවාදය,දේශපාලන විරෝධය හා පාරිසරික ප්‍රශ්න වැනි විවිධ කාරණා අවුස්සන සුළු මාතෘකාවක් බවට පත්ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේටද මාධ්‍ය ඉදිරියේ පිළිතුරු සපයන්නට කරුණු යෙදුණා.
ශ්‍රී පාදයට ආසන්නයේ බැසිල් රාජපක්ෂට අයත් ඉඩමක් අරාබි ජාතිකයින් පිරිසකට
හෝටලයක් ඉදිකිරීම පිණිස විකුණා ඇති බවත් ඒ කටයුත්තට එම අයිතිකරුවන් හෙලිකොප්ටරයකින් එම ඉඩමට පැමිණ සොයා බලා ඇතිය යන්න මෙහි එක් කාරණාවකි.

මේ සම්බන්ධ ඇතැම් විශ්වාස කළ හැකි ඡායාරූප කිහිපයක්ද සමාජ ජාලා වලින් සංසරණය වූ අතර ශ්‍රී පාදය ‘ආදම්ස් පීක්‘ නමින් හදුන්වමින් මුස්ලිම් ලබ්ධිකයින්ද වන්දනා මාන කරන බැවින් ඉදිරියේදී එය මුස්ලිම් සිද්ධස්ථානයක් බවට පරිවර්තනය කරගන්නා මුල් අවස්ථාව මෙය බව දක්වමින් අනතුරු හගවන්නට සමාජ ජාලා පිටු උත්සාහ ගෙන තිබුණි.

මෙම කතාවට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේ පිළිතුර වූයේ මෙම ස්ථානය වන්දනාමාන කිරීම ඕනෑම ආගම් අදහන්නෙකුට හැකි බවත් එය මුල්කරගෙන ගැටලු ඇතිකරගන්නට උවමනා නැති බවත්ය. එසේම උන් වහන්සේ දැනුවත්ව ශ්‍රී පාදයට අයිති ඉඩම් නැති නිසා කොහේවත් හදන හෝටලයකට අයිතිවාසිකම් කියන්නට හෝ විරුද්ධ වන්නට තමන්ට උවමනා නැති බවත් උන්වහන්සේ දන්වා සිටියා.

කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගීවූ නිලධාරීන් මෙවැනි


ඉදිකිරීමක් සිදු කරන බව තහවුරු කර තිබේ.
දැනට වාර්තාවන ආකාරයට ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන නල්ලතන්නි පොලිස් වසමට අයත් ස්ථානයක මෙම සංචාරක නිකේතනය ඉදිකරන්නට සැලසුම් කර ඇත.

එය ශ්‍රීපාදය පාමුල පිහිටා ඇති බවට සමාජ ජාලා මගින් විස්තර කර තිබුණත් ගූගල් සිතියම අනුව කළ සොයා බැලීමකදි එම හෝටලය ශ්‍රී පාද මළුවේ සිට කිලෝමිටර් හයක් එපිටින් වු මරේ දියඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක පිහිටා ඇති බව පෙනී යයි.

සංචාරක නිකේතන සදහා අදාළ වන පාරිසරික බලපත්‍රය ලැබේ නම් එම ඉදිකිරීම කවුරුන් කළත් ගැටලු ඇති නොවන අතර මේ සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය මත මධ්‍යම පරිසර අධිකාරිය මේ වනවිට එම ස්ථානය ගැන සෝදිසියකට ගොස් ඇත්තේ එම අවසරය ලබාදිය හැකිද යන්න සොයා බැලීමටය.

මෙම ඉඩමේ අයිතිකරු බැසිල් රාජපක්ෂ යයි එක්තරා පිරිසක් පවසද්දී තවත් පිරිසක් පවසන්නේ වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සම්බන්ධයක් මෙම ඉඩමට ඇති බවකි. පසුගියදා බැසිල් රාජපක්ෂගෙන් සෘජුව මාධ්‍ය මේ ගැන විමසූ අවස්ථාවේ ඔහු එය තමන්ට අයිති බව හෝ නැති බව නොකියා ගියේ ප්‍රහේලිකා උත්තරයක් දෙමිනි.
අරාබි ජාතිකයින් ඇවිත් සොයා බලා ගිය අවස්ථාවේ ලබාගත් බව කියන ඡායාරූප පහතින්