තීරණය ගැන සතුටු වෙන්නෙ නෑ
-හිරුණිකා අඬමින් කියයි

සිය පියා මරා දැමූ පස් දෙනෙකුට මරණ දඬුවම පනවමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් කැපවී වෙහෙසුන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත පැමිණියේ හඬා වැලපෙමිනි. අනපේක්ෂිත ලෙස ඇය කියා සිටියේ තීන්දුව ගැන තමා සතුටුවෙන්නේ නැති
බවයි.
ඇය මෙසේ කියා තිබුනි.


‘ආණ්ඩුව වෙනස්වුණ නිසා සමහරවිට මේ තීන්දුව වෙනස් වුණා වෙන්න පුළුවන්. අලූත් ජනාධිපතිතුමෙක් මේ රටට ඇවිල්ල තියෙන නිසා තමයි අද අපිට හරි තීන්දුවක් ලැබුනේ.
තීන්දුව ගැන මට සතුටුවෙන්න බැහැ මොකද හැම කෙනාටම සහනයක් ලබාදුන් නැති නිසා. තව කෙනෙකුට කරදරයක් වෙනව බලල සතුටුවෙන්න තරම් අමානුෂික නෑ අපි.

මට අදටත් ගෙදර ගිහාම තාත්තව මතක් වෙනව.කටහඬ ඇහෙනවා.
(ඇය අනතුරුව කියන දේ අපැහැදිලිය. විවිධ දේ හඬමින් කියයි)
එම කතාවේ වීඩියෝව පහතින්