12.10 pm Update
දුමින්ද සිල්වාට මරණ දඩුවම
භාරත ලක්ෂ්මන් ඝාතනයට වරදකරුවන් වූ දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට මරණ දඩුවම් නියම කිරීමට අද අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණයේදී තීරණය විය.

මරණ දඩුවම නියම කළ 4 දෙනෙකු අධිකරණයට අද පැමිණ සිටියත් එක් අයෙකු අතුරුදන්ව සිටියේය.
මෙම නඩුවේ තීන්දුව අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත්, ජනක බණ්ඩාර ගලගොඩ සහ සරත් බණ්ඩාර යන අයට  මරණ දඩුවම නියම මිය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා පමණක් ඔවුන් නිවැරදි කරුවන් කියමින් නිදහස් කරන්නට යෝජනා කර තිබුණ නමුත් අනෙක් දෙදෙනා ගේ මතය අනුව  2/3 වැඩි මතය වෙමින් මෙම තීරණය සම්මත විය.
පද්මිණී එන් රණවක සහ එම් බී එස් මොරායස් යන විනිසුරුවරුන් දෙදෙනා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් භාරත ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සහ අයුතු ජනරාශිය ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් වරදකරුවන් වන බව ඔප්පුවී ඇතැයි ප්‍රකාශ කරන ලදි. ඒ අනුව එම පස් දෙනාට මහාධිකරණ විනිසුරුවරු දෙදෙනා මරණ දඬුවම නියම කළහ.
ඉතිරි 6 දෙනා වූ චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, ඩබ් ඒ මාලක සමීර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි යන අය සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.


---------පෙර විස්තරය---------------------------
 11.50am
දුමින්ද හසුවේද නැද්ද ? තීන්දුව තව ටිකකින්
දේශපාලනඥ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා  ඇතුළු සිව් දෙනකු  කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පසුගිය වසර එකහමාරක කාලය පුරා ආන්දෝලනාත්මක නඩුවක් බවට පත්ව විභාගවූ අතර එහි නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කරන්නට නියමිතය.
මේ වෙනුවෙන් දුමින්ද සිල්වා ඇතුළු පිරිසත් හිරුණික ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසත් මේ වනවිට
අධිකරණයට පැමිණ තිබේ.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 11 දෙනෙක් මෙම ඝාතන චෝදනාවන්ට ලක්ව සිටී.
ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක සහ එස් සී බී එන් මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන්


සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විභාගයට ගනිමින් පවතී.
2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා  ඇතුළු සිව් දෙනාගේ ඝාතන සිදුවිය. පළාත් පාලන මැතිවරණයක් පැවති එම දිනයේ  මුල්ලේරියාව වල්පොළ මංසන්ධියේ සිදු වූ වෙඩි හුවමාරුවකින් ඔවුන් මියගොස් තිබූ  පසුව තුවාල ලැබූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ලංකාවේ සහ විදෙස් රෝහල් ගතව දිගුකලක් ප්‍රතිකාර ලබා තිබුණි.
අද තීන්දුව ප්‍රකාශයට පත් කරන නිසා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.