පසුගිය 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද හමුදා මාධය ප‍්‍රකාශක ලෙස බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පත්කරනු ලැබ සිටී.

මින් ඉහත එම තනතුර දැරූ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර විදෙස් පුහුණුවකට එතෙරයාම නිසා මෙම තනතුර පුරප්පාඩුවී තිබේ.

නව ධූරයට පත් බි‍්‍රගේඩියර් රොෂාන් මේ දක්වා ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ තනතුරක් හෙබවූයේය.
මහනුවර කිංස්වුඞ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු වසර 30 ක් තිස්සේ යුද හමුදා සේවයේ යෙදී සිටියි.