පාද යාත‍්‍රාව කොළඹට ඇතුළු වෙයි
දැඩි රථවාහන තදබදයක්
මහින්දගෙන් රනිල්ට ඇමතුමක්


අද (01) පෙරවරුවේ කිරිබත්ගොඩ නගර මධ්‍යයෙන් ආරම්භ කළ ඒකාබද්ධ විපක්ෂ පාද යාත‍්‍රාව මේ වනවිට කොළඹට ඇතුළුවී තිබෙනවා.
සවස 2 ට පමණ ඔරුගොඩවත්ත ප‍්‍රදේශයට පෙළපාලිය ඇතුළුවීමෙන් පසුව බේස්ලයින් මාර්ගය අවහිර වීම නිසා දැඩි රථවාහන තදබදයක් හටගත්තා.
අවසන් රැළිය පවත්වන ස්ථානය
ගැන අද උදෑසන වනවිට

ස්ථිර තීරණයක් නොමැති වුවද නිල නොවන ආරංචි හෙළි කළේ මහින්ද රාජපක්ෂ අද උදේ අගමැති රනිල්ට කථාකර අවසන් රැළියට ස්ථානයක් ලබාගැනීම විමසූ බවකි. පසුව රනිල් මෛත‍්‍රිපාල ජනපතිවරයාට කථාකර ගෝල්ෆේස් පිටිය හෝ කැම්බල් පිටිය ලබාදීමට එකඟතාවය ලබාදුන් බවයි.
එම ගැටලුව නිරාකරණයෙන් පසු
අද දහවල් රනිල් ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය බවද පසුව වාර්තා වුණා.
කෙසේ වෙතත්
ගෝල්ෆේස් පිටියේ හදිසියේ රැළිය පැවැත්වීම ප‍්‍රායෝගික නොවන නිසා කැම්බල් පිටිය වඩා සුදුසු යයි මුලදී තීරණය වූ බවත් වාර්තා වුණා.
නමුත් පසුව කළ සාකච්ඡා අනුව එම තීරණයේද වෙනසක් ඇතිව තිබෙන අතර ඒ අනුව දෙමටගොඩ හරහා
බොරැල්ල කැම්බල් පිටිය පසුකර ලිප්ටන් වටරවුමේදී අවසන් ජන රැලිය පැවැත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ නිල නොවන ආරංචි මාර්ග පවසයි.