රජයේ රෝහල්වලට LED ටීවී


ලංකාවේ බොහෝ පුද්ගලික රෝහල් වල ආකාරයට රජයේ රෝහල්වල සායන, වාට්ටු, බාහිර රෝගී අංශ, ප‍්‍රවේශ ශාලා ආදියෙහි එල්.ඊ.ඞී. රූපවාහිනී සවිකිරීමට රජය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය
රාජිත සේනාරත්න මහතා ඒ ගැන අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වා තිබෙන අතර එයට අනුමැතිය හිමිව ඇති බවද දැනගන්නට ලැබේ.

රෝහල් වල සිටින රෝගීන්ට පමණක් නොව සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මෙන්ම අනෙක් මහජනතාවට මෙමගින් රට තුළ සිදුවන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයෙන් සිටීමට ඉඩ ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.