සිල් රෙදි බෙදාදීමේ චෝදනාවට ලක්ව පසුගිය ජනපතිවරණ සමයේ විශාල මූල්‍ය වංචාවක චූදිත පාර්ශ්වයට වගකිව යුතුවූ  හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශ ගතවීමට බැරිවන ලෙස විදෙස් ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට තබා තිබුණ අතර
රුපියල් ලක්ෂ 100ක බැඳුම්කරයක් මත අද ඔහුට

එම පාස්පෝට් එක නිදහස් කරගන්නට හැකි විය.
සිය සේවාදායකයාට ඉන්දියාවේ වන්දනා ගමනක් සඳහා යාමට ගුවන් ගමන් බලපත‍්‍රය මුදා හරින ලෙස හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණ අතර ලක්ෂ 100 ක් ගෙවන්නට හැකි නම් එය කළ හැකි බව කොළඹ මහාධිකරණ විනිසුරු එන්.වී.කරුණාතිලක මහතා අද (03) අවසර දුන්නේය.
එය ගෙවන්නට හැකි බව ඔහු පවසා ඇත.
ඒ අනුව අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා සති දෙකක කාලයකට ගුවන් ගමන් සඳහා මෙලෙස ගමන් බලපත‍්‍රය මුදා හැර ඇත.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ රුපියල් මිලියන 600ක මුදලක් වැය කර සිල් රෙදි බෙදා හැරි බවට මොහුට විරුද්ධව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙයි.