වයස 11 දී බීසීඑස් පාස්වූ
භාෂා 5 ක් කථාකරන

වශින්‍යා ජනපති හමුවේ


කුඩා වයසේදීම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ විශේෂ දස්කම් දක්වන්නට සමත්වූ දැරියක ඊයේ ජනපති මෛත‍්‍රිපාල සිරිසේන හමුවුණා.
මහනුවර ප‍්‍රදේශයේ වාසය කරන 11 හැවිරිදි පාසල් සිසුවියක වූ ඇය වශින්යා පේ‍්‍රමානන්ද්ය. ඇය බීසීඑස් තොරතුරු තාක්ෂණ
උපාධිය අඩු වයසින්ම සම්පූර්ණ කිරීම මෙම විශේෂ දක්ෂතාවයයි.
වයස 7 දී පරිගණක ඩ‍්‍රයිවින් ලයිෂන් සහතිකය (අයිසීඞීඑල්) සම්පූර්ණ කර තිබෙන ඇය වෙබ් අඩවියක් තනිවම නිර්මාණය කර ඇත්තේ වයස 8 දීය.
කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවේ අධ්‍යාපනය ලබන ඇය පාසලේදී දෙවරක් ‘ඩබල් ප‍්‍රමෝෂන්’ ලබාගත් විශේෂ දක්ෂතා ඇති සිසුවියකි. ඇය වයස 7 දී අපොස සාමාන්‍ය පෙළ ඉංග‍්‍රීසි විෂයට පමණක් පෙනීසිට ‘ඒ’ සම්මානයක්ද ලබා ඇති බව කියැවේ.
ඇය භාෂාවන් ඉගෙන ගැනීමටද අධික උනන්දුවක් දක්වන අතර සිංහල,දෙමළ,ඉංග‍්‍රීසි,ප‍්‍රංශ හා ජර්මානු භාෂාවන්ද දැනටමත් ප‍්‍රගුණ කර ඇත.
කෙසේ වෙතත් අනාගතයේ තොරතුරු තාක්ෂණවේදයට වඩා වෛද්‍ය ක්ෂේත‍්‍රයට පිවිසීමට ආසා කරන බව කියන ඇය ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වීමේ ආසාවෙන් පසුවන බව ඇයගේ මව ලක්ෂ්මි මාධ්‍ය වෙත පවසා ඇත.