ජන සටනට අද කොළඹට
මිලියනයක් එනවලූ

පිට්ටනි ඔක්කොම බුකින් නිසා
මහින්දගෙ රැස්වීම මහපාරේ



ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජන සටන පාද යාත‍්‍රාවෙහි අවසන් දිනය වන අද කිරිබත්ගොඩ දෙස සිට කොළඹ දක්වා ගමන් කිරීමට නියමිත පෙලපාලි කරුවන් අද සවස් කාලය වනවිට කොළඹ නගරය වෙත පැමිණෙන්නට නියමිතය.
ජනසටනට එරෙහිව මහනුවර හා කෑගල්ලේදී අධිකරණ නියෝග ගන්නට පොලිසිය කටයුතු කර තිබුණ නමුත් නිට්ටඹුවේදී
අධිකරණ නියෝග ගන්නට නොහැකි විය.

පෑලියගොඩ පොලිසිය පාද යාත්‍රාව කොළඹට නතර කරන්නැයි කළ ඉල්ලීමකට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය කැමති නොවූ  අතර ඇය අවවාදයක් පමණක් නිකුත් කළා. ඒ අනුව අද (1දා) දින මහජන සාමයට බාධාවක් නොවන ආකාරයෙන් සහ දේපළවලට අලාභහානි කිරීමෙන් තොරව සාමකාමීව කටයුතු කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය නියෝගයක් නිකුත් කර තිබේ.
අද සවස කොළඹ නගරයට පැමිණෙන ජන සටන පාද යාත‍්‍රාව සඳහා ජන හමුව පැවැත්වීමට කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශයේ සියලූම පිට්ටනි අවහිර කර තිබෙන අතර
ජනසටන සංවිධායකයින් පවසන්නේ ආණ්ඩුවට සිතාගැනීමටවත් නොහැකි තැනක කොළඹ ප‍්‍රසිද්ධ ස්ථානයක ක්ෂණික වේදිකාවක් නිර්මාණය කර ජන සටන පාද යාත‍්‍රාවේ අවසන් ජන රැලිය අද (1දා) සවස පැවැත්වීමට තීරණය කළ බවයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග ප‍්‍රකාශ කර තිබෙන්නේ අද කොළඹට මිලියනයක පිරිසක් එක් රැස් කරන බවයි.