මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව මාස 06කට වැඩි කාලයක් පදිංචිව සිටි කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සුපිරි නිවාසය රුපියල් මිලියන 40කට වැඩි මුදලක් වැයකර මුළුමනින්ම අලුත්වැඩියා කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති අතර
මහින්ද රාජපක්ෂ දැන් පදිංචි චී සිටින්නේ එහිය.
තමන්ට පදිංචි වීමට කොළඹ අවට නිවසක් ලබාදෙන මෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කර තිබු ඉල්ලීමට අනුව එම නිවාසය ලබාදී ඇත.


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එකල පදිංචිව සිටි කොළඹ 07, ස්ටන්මෝක්‍රසන්ට් මාවතේ නිවාසය තමාට ලබාදෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබුන ද මේවනවිට අමාත්‍ය රාජිත සේනාරත්න එහි පදිංචිව සිටින බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසු මෙම නිවස ලබාදෙන්නට තීරණය විය.
මුලදී තමා පදිංචිව සිටි විජේරාම මාවතේ නිවස ලබාදීමට මෛත්‍රී එකඟවී තිබුන ද එහි පහසුකම් මදි බව මහින්ද මුලින් පවසා එය  මුළුමනින්ම අලුත්වැඩියා කර පවරා දෙන්නේ නම් යන්නට කැමති බව කියා ඇත. මිලියන 40 ක් වැය කර එය පසුගිය කාලයේ අලුත් වැඩියා කර ඇත්තේ ඒ නිසාය.
අනතුරුව මිරිහාන ප්‍රදේශයේ නිවස අතහැර මහින්ද විජේරාම මාවතේ නිවසට දැන් පැමිණ ඇත.
නිවස අලුත් වැඩියා කළ සමයේ සහ දැන් ඉදිරිපසට පෙනෙන ආකාරය ඡායාරුප කිහිපයක් පහතින්