බස් ගාස්තු සහ ඇතැම් ත‍්‍රීරෝද රථ ගාස්තු අද සිට ඉහළට

පසුගියදා ප‍්‍රකාශයට පත්වූ පරිදි බස් රථ සඳහා සංශෝධිත ගාස්තු අය කිරීම අද 1 සිට ක‍්‍රියාත්මකවීමට නියමිතය. ඊට අමතරව ඇතැම් සංගම් මගින් ත‍්‍රීරෝද රථ ගාස්තුද අද සිට කිලෝමීටරයකට රුපියල් 05 කින් ඉහළ දමා ඇති බව
වාර්තාවේ.
ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ

සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන නිකුත් කළ නිවේදනයකින් පැවසෙන්නේ ත‍්‍රීරෝද රථ ගාස්තු සඳහා පළමු කිලෝමීටරයට අයකරන මුදලේ කිසිදු වෙනසක් නොමැති බවත් දෙවන කිලෝමීටරයේ සිට මෙලෙස ගාස්තු ඉහළ යන බවත්ය. ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 50 හා දෙවැන්න 40 තිබූ ත‍්‍රීරෝද ගාස්තුව රුපියල් 45 වනු ඇත.
කෙසේ වෙතත් ත‍්‍රීරෝද ගාස්තු ඉහළදැමීමම ගැන රජය සමග සංවාදයකින් තොරව හිතුමතයේ ඉහළ දමා ඇති බවට විවේචන එල්ල වන අතර තම තමන්ගේ සංගම් සතු
ත‍්‍රීරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව වෘත්තීය සමිති කිහිපයක් ප‍්‍රකාශ කර ඇත.