විජය නන්දසිරි  
දෙඇස් දන්දුන් කතාව

අභාවප‍්‍රාප්ත කලාකරු විජය නන්දසිරි මියයන්නට වසර කිහිපයකට පෙර ගත් තීරණයකට අනුව ඔහුගේ අන්තිම කැමැත්තක් ලෙස මරණයෙන් පසුව ඇස් දෙක පරිත්‍යාග කරන්නට ඉල්ලා තිබුණි.
ඒ අනුව ඔහු අසනීපවී කළුබෝවිල රෝහලට ගෙන ඇවිත් මියගොස් බව දැනගෙන
පැය කිහිපයක් ඇතුළත දේහය ජයරත්න මල් ශාලාවට

ගෙනයන්නට පෙර ඇස් දන්දීම සිදු කර තිබේ. මේ වෙනුවෙන් අක්ෂිදාන සංගමයේ නිලධාරීන්ද අවශ්‍ය කටයුතු ඉටුකර තිබේ.

මේ සම්බන්ධයෙන් පෙරේදා ඩේලි නිවුස් පුවත්පතට ප‍්‍රකාශයක් ලබාදුන් විජයගේ බිරිය දේවිකා මිහිරානි එම කටයුත්ත තහවුරු කර තිබේ. ඇය පවසා ඇත්තේ සිය සැමියා ඇස් දන්දීමට වසර කිහිපයකට පෙර සිටම කැමැත්ත ලබාදී තිබුණ බවයි.

‘තවත් කෙනෙකුට කවදාහරි මගේ ඇස් වලින් එළිය දකින්න ලබාදෙන්න කියලා විජය මියයන්න කලින් ඉල්ලලා තිබුණා. මරණය සිදුවුණාට පස්සේ මං ඔහුගේ එම ඉල්ලීම ඉටුකරන්න ඒ අනුව කටයුතු කළා’
ඇය පවසා තිබේ.

විජයගේ අවසන් කටයුතු අද 11 සවස 4.15ට ගල්කිස්ස ‘නිසල සෙවන’ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ආගමික වතාවත් ඇරඹෙන්නේ 3.30 සිටය.