කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු සිසු පිරිසක් විසින් සැලසුම් සහගතව සිදු කළ පහරකෑමකට ලක්වී අද දහවල් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ සුසන්ත හේරත් නමැති ගුරුවරයෙකි. සිසුන්ගේ පහරදීම නිසා ඔහුගේ පපු ප‍්‍රදේශය හා උදරයට තුවාල සිදුව ඇත.
මෙම පහරදීමට ආසන්නතම හේතුව
පසුගිය කාලයේ

නාලන්දා විදුලිහල්පතිට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට විරුද්ධ පාර්ශවයට මෙම ගුරුවරයා විසින් නායකත්වය ලබාදීම බවද වාර්තා වුණා.
කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා වන වසන්ත රංජිත් ජයසුන්දර මහතාට විරුද්ධව අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිලි කිරීමටද ගොස් තිබෙන්නේ සුසන්ත හේරත් වන මොහුය.

පසුගිය කාලයේ මේ නිසා ඔහුට තර්ජන තිබී ඇති අතර ඔහුට පහර දෙන්නට ඇත්තේ විදුහල්පති පාර්ශ්වයේ අනුදැනුම මත යයි සැකකරන බව ඔහු පොලිසියට ලබාදී තිබෙන කට උත්තරයේ දැක්වේ.