උසාවි නියෝගයකින්
සියයට 4 වැට් බදු වැඩිවීම තාවකාලිකව ඉවතට

පසුගියදා රජය මගින් සියයට 11 සිට සියයට 15 දක්වා සියයට 4 කින් වැඩි කළ වැට් බදු සංශෝධනය තාවකාලිකව අහෝසි කරන්නට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර කියා තිබුනේ වැට් බදු සංශෝධනය වැරදි යයි නොව එය ගෙන ආ ආකාරයේ හා ක‍්‍රියාත්මක කළ දිනයේ පැවති දෝෂයක් පිළිබඳවයි.
පාර්ලිමේන්තුවේ
සම්මත නොවී මැයි 2 වැනිදා සිට

වැට් බද්ද අය කරන බව විමල් කියා තිබූ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මෙම කාරණාවේ ඇත්තක් තිබෙන බවයි. ඒ නිසා පෙත්සම් විභාගය අවසන් වනතුරු වැට් බද්ද අය නොකළ යුතු බව අග විනිසුරු කේ.ශ‍්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ හා ප‍්‍රසන්න ජයවර්ධන විනිසුරුවරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල දන්වා ඇත.

ඒ අනුව වැට් බදු ප‍්‍රතිශතය වැඩිකරමින් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නියෝගය තාවකාලිකව ප‍්‍රමාද කරමින් ශේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් එම විභාගයෙන් පසුව වැට් බද්ද යළි පැවති ලෙසම පැනවෙනු ඇත.