බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය වටකොට ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් නිවාස අඩස්සියට පත්කිරීම දක්වා වූ දැඩි විරෝධතාවක් හෙට (27 දා) වෛද්‍යවරුන් විසින් දියත්කිරීමට නියමිතය.

පිටරට පුහුණුවට ගිහින් එන
ලංකාවේ විවිධ පළාත්වල ස්ථාන මාරුවීම් ලැබූ වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීමට අධ්‍යාපන ඇමැතිවරයාගේ මැදිහත්වීමක් නෑ... දැන්නම් ඉවසුවා ඇති. හෙට අපිට ගන්න පුළුවන් ඉහළම ක‍්‍රියාමාර්ගය අධ්‍යාපන අමාත්‍යාංශයේදී ගන්නවා... යෑයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය.


හෙට අධ්‍යාපන අමාත්‍යංශ මහජන දිනය... ඇමැතිවරයා ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අමාත්‍යංශයට පැමිණිය යුතුයි. අපි අධ්‍යාපන අමාත්‍යංශය වටකරනවා. අවශ්‍ය වුණොත් ඇමැතිවරයා ඇතුළු පිරිස අමාත්‍යංශය තුළ නිවාස අඩස්සියට පත්කරන්නත් පුළුවන් යෑයිද වෛද්‍ය සොයිසා මහතා කීවේය.

අපේ මේ දරුවන්ගේ පාසල් ගැටලූ පසුගිය මාස හත පුරාම ජනාධිපතිට, අගමැතිට, අධ්‍යාපන ඇමැතිට පැවසුවා. අදාළ වෛද්‍යවරුන් පාගමන් ගියා... උද්ඝෝෂණ පැවැත්වූවා. මාධ්‍ය සාකච්ඡා ගණනාවක් පැවැත්වූවා. ජනාධිපතිතුමා මේ ගැන අධ්‍යාපන අමාත්‍යංශයට කිහිපවරක්ම ලිතව උපදෙස් නිකුත් කළා. ඒත් මේ දරුවන්ට තවම පාසල් නැතිව නිවාසවල. වෛද්‍යවරු රෝහල් සේවයෙන් නිවාඩු දාලා ඇවිත් මහපාරේ. අධ්‍යාපන අමාත්‍යංශය නිදි.

අපි හෙට වෛද්‍යවරු සියයකට අධික පිරිසක් අමාත්‍යංශය වටකරනවා. මේ ගැටලූව වහා විසඳිය යුතුයි.
අජිත් අලහකෝන්