ඩොක්ටර් දරුවන්ට හොඳ පාසල් දෙන්න ඇමති එකඟවී 
ඉසුරුපාය වැටලීම නවතලා

ස්ථාන මාරු ලැබූ සහ විදේශ පුහුණුව නිමකර යළි මෙරටට ආ වෛද්‍යවරුන්ගේ දරුවන්ට ලබන සඳුදා වන විට පාසල් ලබා දීමට අධ්‍යාපන ඇමැතිවරයා එකඟ වූ බැවින් අමාත්‍යාංශය වටකර පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව ඊයේ (27 දා) නොපැවැත්වූ බව ර
ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්
වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය.

මෙම දරුවන්ට පාසල් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා දුන් උපදෙස් පවා නොතකමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ගැටලූව මතුකළ බව කී වෛද්‍ය නවීන් සොයිසා මහතා ඔහු අධ්‍යාපන ඇමැතිවරයාටද වැරදි තොරතුරු ලබාදී ඇතැයි කීය.

කෙසේ වෙතත් පෙරේදා (26 දා) සවස අධ්‍යාපන ඇමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බව කී වෛද්‍ය නවීන් සොයිසා මහතා අදාළ දරුවන්ට ලබන සඳුදා වන විට පාසල් ලබාදීමට ඇමැතිවරයා එකඟ වූ බවද කීය.
අජිත් අලහකෝන්