අලුත් පක්‍ෂ හෝ බලවේගයක්‌ නිර්මාණය කිරීමට තරම් දක්‌ෂතාවක්‌ හෝ හැකියාවක්‌ බැසිල් රාජපක්‍ෂ මහතාට දැන් නැති බව ඇමැති විජිත් විජිතමුණි සොයිසා
මහතා ඊයේ පැවැති
මාධ්‍ය හමුවකදී කියා ඇත.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ඔහු කියා සිටියේය.
බැසිල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ පරාජයට සෘජුවම වගකිවයුතු පුද්ගලයකු බවත් පැවැසූ විජිතමුණි මහතා ඔවුන් උත්සාහ ගන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාව තෙවන වරටත් පරාජය කරවීමට බවත් පැවැසීය.
රාජපක්‍ෂ පාලන සමයේදී බැසිල් රාජපක්‍ෂ මහතා ඇමැති මණ්‌ඩලය තරහකරවා ගත් බවත්, තවත් සහෝදරයකු හමුදාව තරහ කරවාගත් බවත් තවත් පුතෙකු නාවික හමුදාව තරහා කරවාගත් බවත් පැවැසූ විජිත් විජිතමුණි සොයිසා මහතා හිටපු නායකයා පරාජයට පත්වූයේ එවැනි කරුණු කාරණා නිසා බව කියා සිටියේය.

(සිරිමන්ත රත්නසේකර)