
අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශ‍්‍රියානි විෙඡ්වික‍්‍රම මහත්මිය ගමන්ගත් මෝටර් රථයේ කහ ඉර මතදී ගැටුණු 64 හැවිරිදි කාන්තාවක ඉකුත් 17 වැනිදා රාත‍්‍රි මියගොස් ඇත.
මෙම කාන්තාව අම්පාර නගර මධ්‍යයේ
අධිකරණය ඉදිරිපිට ඇති
මෙම අනතුරින් මියගොස් ඇත්තේ අම්පාර ගැමුණුපුර පදිංචිව සිටි 64 හැවිරිදි බේබිනෝනා නමැති කාන්තාවකි. මීට මාස තුනකට පමණ පෙර මෙම කාන්තාවගේ සැමියා ද වන අලි ප‍්‍රහාරයකින් මියගොස් තිබිණි.
අනතුරින් පසු මන්ත‍්‍රීවරියගේ රථය පැදවූ රියෑදුරා පොලිස් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අම්පාර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ඉලංගකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
හේමන්ත රන්දුණු



