උතුරු දිග ඉතාලියේ අයිසියෝ විල මැද පිහිටි  සැන් පාවුලෝ දූපතට ගමන් කිරීම සදහා පාවෙන ඇවිදින මංතීරුවක් තනා පසුගියදා එය මහජනයා සදහා විවෘත කළා.
මෙම මංතීරුව ඉදිකරන්නට පොලි එතිලීන් කියුබ ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් භාවිත කර ඇති අතර එය මත කහපැහැති රෙදි ආවරණයකින්ද සරසා ඇත. කිලෝමීටර තුනක පමණ දුරක් දිග මෙම මංතීරුව මත විශාල පිරිසකට ගමන් කළ හැකි අතර ඇවිදින අවස්ථාවෙහි තමන් ජලයෙන් අඩියක් උඩ සිටින අපූරු අත්දැකීම ලද හැකි බව කියැවුණා.
මෙම නිර්මාණයේ සංකල්පය හා සැලසුම ගෘහ සැලසුම් ශිල්පී ක්‍රිස්ටෝ ක්ලොඩ් හා ඔහුගේ මියගිය බිරිය විසින් සිදු කර ඇත.