ඩෙංගු අධිවසංගත තත්ත්වයත් සමග ඉන්ෆ්ලූවෙන්සා AH1N1 හා වෛරස් උණ රෝග තත්ත්වයන්ද රට පුරා
පැතිර යමින් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඊයේ (28) පැවසීය.
මේ හේතුවෙන්
වෛරස් උණ

රෝගයක් බවට සැක කරමින් රෝගීන් ප‍්‍රතිකාර කිරීමට යොමුවීම ප‍්‍රමාද වීම නිසා ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාම මරණ වාර්තා වීම වැඩි වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

තද උණ. මස්පිඩු වේදනාව, තද හිසරදය, වමනය යාම වැනි ඩෙංගු රෝග ලක්ෂණ මතු වන්නේ නම් වහාම ප‍්‍රතිකාර ලබා ගන්නා ලෙසත් එම රෝග ලක්ෂණම සාමාන්‍ය වෛරස් හා ඉන්ෆ්ලූවෙන්සා AH1N1 රෝගයේ රෝග ලක්ෂණ බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.
මේ වන විට ඩෙංගු රෝගීන් 21,000ක් ඩෙංගු මරණ 31ක් වාර්තා වී තිබේ. මෙම තත්ත්වය ඉදිරියේදී ඉහළ යා හැකි බවත් පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය ලබන මස අග දක්වා පැවතීමේ අවදානමක්
පවතින බවත් එම වෛද්‍යවරයා ප‍්‍රකාශ කළේය.
(හර්ෂණී වීරරත්න)