බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ උදෑසන රැස්වීමක් පැවැත්වුණා. මහින්ද ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට ඒකාබද්ධ විපක්ෂයේ
පක්ෂ නායකයන් මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද
එක්ව ඇත.

ඉදිරි විරෝධතා සඳහා බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම් සම්බන්ධව එම පක්ෂය අභ්‍යන්තරයේ ඇතිවූ මතභේදයන් සමථයකට පත්වූ බවත් බැසිල් ඒ කටයුතු වලින් ඉවත්ව සිටිනු ඇති බවත් ඔහු පිරිස ඉදිරිපිට සහතික වෙමින් මෙම රැස්වීමේදී කරුණු ප‍්‍රකාශ කළා.
ඉදිරියට පාර්ලිමේන්තුවේ බලපෑම්කාරී විපක්ෂය ලෙස කටයුතු කරන බවත්
මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු විරෝධී පුළුල් ජාතික ව්‍යාපාරයක් ඇති
කරන බවත් පැවසුණ අතර ලබන අගෝස්තු මාසයේදී මහනුවර සිට කොළඹට විරෝධතා පා ගමනක් පැවැත්වීමටද යෝජනා වුණා.
මෙයට අමතරව ආණ්ඩුවට එරෙහිව දිස්ත‍්‍රික් මට්ටමෙන් සෑම මාසයකදීම විශාල විරෝධතාවක් පැවැත්වීමටත් පළමුවැන්න ලබන මාසයේදී කළුතර දී පැවැත්වීමටත් යෝජනා විය.