
2007 වසරේ රෝගියෙකු ලෙස ඇතුළත්ව සිටි ඇඟළුම් සේවිකාවක මීගමුව රෝහල් කාමරයක් ඇතුළේදී දූෂණය කර පසුව රහස එළිවේයැයි සිතා ඇයව ජනේලයෙන් තල්ලූ කර මරා දැමූ තරුණ දොස්තර මහතෙකු ගැන ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වුණා.
මොණරාගල, දඹගල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා දිසානායක (22) නම් වෙළඳ කලාපයේ සේවිකාව 2007 නොවැම්බර් 12 දින දූෂණය කොට උඩු මහලින් තල්ලූ කොට මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු සීමාවාසික වෛද්‍යවරයෙකු වූ සුදර්ශන බාලගේට එරෙහිව වසර 7 ක් තිස්සේ නඩු විභාගවීමෙන් අනතුරුව අද ඔහුට අධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබෙනවා.
විත්තිකරුට ඝාතන චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවමද තරුණිය දුෂණය කිරීමේ චෝදනාවට වසර 15 ක සිර දඬුවමක්ද මීගමුව මහාධිකරණ විනිසුරු එච්.එච්.ඒ. ගෆූර් මහතා නියම කර තිබෙනවා.
සුදර්ශන බාලගේ අතින් ඝාතනයට ලක් වූ බැව් කියූ එම තරුණිය සිහිනැති කොට ඝන කාඞ්බෝඞ් එකක් මත තබා 6 වන මහලේ කොරිඩෝරයේ ඇදගෙන යනු දුටු බවට එම රෝහලේ සේවිකාවක විසින් නඩු විභාගය පැවැත්වෙන අතරතුර සාක්ෂියක් ද ලබා දී තිබුණි.
සිද්ධියෙන් පසු ඉන්දික සුදර්ශන බාලගේ (42) නමැති වෛද්‍යවරයා සිටි කාමරය අසල බිම පරීක්ෂා කළපොලිස් නිලධාරියෙකු වාර්තා කළේ කාමරයට දකුණු පසින්
කෙස් රොදක් බිම වැටී තිබුණ බවකි. කාමරය ඇතුළ පරීක්ෂා කිරීමේදී ව්‍යාඝ‍්‍රා පෙති දෙකක් පමණක් ඉතිරිව තිබූ කාඞ් එකක් හමුවුණ බවත් ලේ පැල්ලම් දක්නට ලැබුණ බවත් ජනේලයෙන් කිසිවෙකු තල්ලූ කර ඇති බවට සැක බවත් ඔහු කියා සිටියා.
නමුත් වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් මේ සියල්ල ප‍්‍රතික්සේප කරමින් පසුගිය මාර්තු 26 වනදා අධිකරණයේදි ලබාදුන් සාක්ෂිය මේ නඩුව වඩාත් විවාදාත්මක තත්වයක් ඇති කර තිබුණ හෙයින් අද තීන්දුව දෙස කාගේත් අවධානය යොමුව තිබුණා.
මම මිනීමැරුවේ නැහැ. නිර්දෝෂි පුද්ගලයෙක් වන මට මේ කර ඇති චෝදනා නිසා මගේ මුළු ජීවිතයම විනාශ වී ඇතැයි ඔහු කියා තිබුණා.
මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ‍්‍රාමික ගුරුවරියක් පියා රියැදුරු මහතෙක් මම 5 වෙනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බි.බි.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006.10.23 දා මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ භාර ගත්තා. මීගමුව රෝහලේ 6 වෙනි මහලේ කාමරයක මම බිරිඳත් සමග නේවාසිකව සිටියා. බිරිඳ හෙදියක් ලෙස රාගම රෝහලේ රාජකාරි කළා. ඇය මීගමුව සිට රාගම රෝහලට රාජකාරියට ගියා. මගේ කාමරය අසල දුරකථන ක‍්‍රියාකරුගේ කාමරයත් තිබුණා.
පෙ.ව. 8.20ට පමණ වෛද්‍ය ඉන්දික ආව. 9.30ට පමණ මම 6 වෙනි මහලේ කාමරයේ වැසිකිළියට ගියා. බිරිඳ කාමරයේ සිටියා. මට කෝපි දෙන්ඩද කියලා බිරිඳ ඇසුවා. මම එපා කිව්වා. මම නැවත 10.30ට පමණ සායනයට ගොස් වෛද්‍ය ධම්මිකට උදව් කළා. මේ අවස්ථාවේ වෛද්‍ය ශිෂ්‍යයෙක් සිතාරා කියන ගෑනු ළමයෙක්ව සායනයට පරීක්ෂණය සඳහා කැඳවාගෙන ආවා. මම කිව්වා රතු නොම්බරයක් ගන්න කියලා ඊට පසු මම එම රෝගියාව පරික්ෂා කළා. ඇය හයිපතයිරොයිඞ් රෝගයෙන් පෙළෙන අයෙක් බව පෙනුණා. ඇය මේ සඳහා මීට පෙර බෙහෙත් අරගෙන නවත්වන ලද අයෙක්. නැවත එම රෝග මතුවෙලා. මම ඒ ගැන ඇගේ සායන පොතේ සටහන් කළා. විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වන තුරු එළියේ සිටින ලෙස ඇයට මම උපදෙස් දුන්නා. ටික වේලාවකින් මම බැලූවා ඇය එතන සිටියේ නැහැ. පහළ මහලයට ගිහිල්ලා බැලූවා එහෙත් නැහැ. මම කැන්ටිමෙන් කෝපි කෝප්පයක් බිලා නැවත සායනයට ආවා. එවිට එම තරුණියව විශේෂඥ වෛද්‍යවරිය වෙත යවන ලද බව කිව්වා.
මම ශල්‍යාගාරයේ සිට කාමරයට ඇවිත් නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගියා. එහිදී ඔළුව තුවාල වුණු කාන්තාවක් කොළඹට යැවූ බව දැන ගත්තා.
මට දත්වල ආබාධයක් තිබුණා. මම දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට ගියා. 2007.11.26 වෛද්‍ය ධම්මික මහතාට පොළොන්නරුවට යාමට මාරුවක් ලැබ තිබුණා. ඔහුට සිහිවටනයක් දීමට මම ටවුමට ගියා. නැවත කාමරයට ආවා.
කාමරය අසල පොලීසියෙන් සිටියා. ගෑනු කෙනෙක්ව වැටිලා මැරිලා කියලා පොලීසිය කිව්වා. පොලීසිය කිව්වා මගේ කාමරය පරික්ෂා කිරීමට අවශ්‍ය බව මම මේ සම්බන්ධව වෛද්‍ය අධිකාරී ඇන්ටන් තිසේරා මහතාගෙන් දුරකථනයෙන් විමසුවා. ඔහු කීවා පොලිස් පරික්ෂණවලට සහය දෙන්න කියලා. පොලීසිය කාමරය පරික්ෂා කළා. මට රෝහල් පොලීසියට එන්ඩ කිව්වා. එහිදී මාව එම කාන්තාවගේ මරණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත්තා.
මට මුකුත් අදහගන්ඩ බැරි වුණා. මුළු රෝහලේම අය බලන් සිටින විට මාව ජීප් එකට දාගත්තා. මගේ බිරිඳ ජීප් එක ළඟට ඇවිත් කිව්වා ඔයා වරදක් කරලා නැහැනේ හිත හදාගෙන ඉන්න කියලා.” මාව පොලීසියට ගෙනියලා අත් දෙක බැඳලා ඇඟිලි තුඩුවලින් එල්ලලා මට ගැහැව්වා. ඇත්ත කියපන් නැත්නම් මුහුදු වෙරළට ගෙනියලා වෙඩි තියලා මරනවා කිව්වා.
අලූයම 4.00 වන තුරු ප‍්‍රශ්න කළා. අලූයම 5.00ට පමණ සිර කූඩුවට දැම්මා.
මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ. මම මිනිස්සුන්ගේ ජීවිතය බේරාගන්නා වෛද්‍යවරයෙක් අනේ මගේ ජීවිතය විනාශ වීමට ඉඩ දෙන්න එපා..
කෙසේ වෙතත් චූදිත සීමාවාසික වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් චමිලාව කාඞ්බෝඞ් එකක් මත තබාගෙන ඇදගෙන යන අයුරු මීගමුව රෝහලේ පවිත‍්‍රතා අංශයේ බි‍්‍රයටි‍්‍රස් මහත්මිය විස්තර කර තිබුනේ මෙසේය.
මම වැඩකලේ මීගමුව තලාදුව ප‍්‍රදේශයේ පිහිටි ”විල් ෂයින්” කියන පවිත‍්‍රතා කම්කරුවන් සපයන ආයතනය යටතේ මීගමුව මහා රෝහලෙයි.
මම එතැන අවුරුදු 07 ක් විතර වැඩ කෙරුවා. එතැන වැඩකරමින් ඉන්න අතරතුරේ තමයි මේ සිද්ධිය සිදු වුනේ.
නොවැම්බර් මසේ 12 වැනිදා සමාන්‍යයෙන් මට තියටර් එකේ වැඩ තියෙන්නේ උදේ 7.00 සිට සවස 5.00 වෙනකම් . මේ තියටර් එක තිබුනේ මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ 07 වැනි තට්ටුවේ. තියටර් එකේ වැඩකරන්නේ නැති වෙලාවට මට ඉන්න එතැන කොරිඩෝ එකේ පොඩි තැනක් තියෙනවා.
එතැන පුටුවක් දාලා මම ඉඳගෙන ඉන්නවා. මට ඉඳගෙන ඉන්න තැනට දකුනු පැත්තෙන් තියෙනවා කොට බිචිචියක්. අපි ඉන්නේ තියටර් එක තියෙන්නේ 07 වැනි තට්ටුවෙනේ. ඒ කොට බිචිචියෙන් පහල බලපුවාහම අපිට පහලින් තියෙන තට්ටුවල කොරිඩෝ ටික හොදට පේනවා.
අපිට පහලින් තියෙන 06 වැනි තට්ටුවේ තිබුනේ දොස්තරලාගේ හා නර්ස් නෝනලාගේ ක්වාටර්ස් රූම් (නේවාසික කාමර). එදත් දවසේ උදේ වරුවේ මගේ වැඩ ඉවර වෙලා කොරිඩෝ එකේ කොට බිච්චිය ගාව පුටුව තියාගෙන වාඩිවෙලා හිටියා. ඒ ඉන්න කොට මට ඇහුනා පල්ලෙහා තට්ටුවේ ඒ කියන්නේ 06 වැනි තට්ටුවේ කවුරුහරි කෝරිඩෝව දිගේ මොකක් හරි ඇදගෙන යන සද්දයක්.
මම හිතුවේ අපේ ක්ලීනන් කරන කිහිපදෙනෙක් ඇවිල්ලා ඒ තට්ටුවේ තියෙන දොස්තරලාගේ කාමර අස්කරනවා කියලා. ඒත් කෝකටත් මම නැගිටලා ඒ වෙලාවේ කොට බිචිචියෙන් පහල බැලූවා . ඒ බලද්දි තමයි මම දැක්කේ ඔය දොස්තර මහත්තයා කාර්ඞ්බෝර්ඞ් එකක් කොරිඩෝව දිගේ ඇදගෙන යනවා, ඒ කාර්ඞ්බෝර්ඞ් එක උඩ ගැහැනු ළමයෙක් උඩබැලි අතට හිටියා . ඒ ගැණු ළමයාගේ ඇස් වැහිලයි තිබුනා. ඔය දොස්තර මහත්තයාව මම මීට කලින් දැකලා තියෙනවා. මොකද ඒ දොස්තර මහත්තයා මේ තියෙටර් එකටත් සමහර දාට එනවා.
නම ගම කියන්න දන්නේ නැතිවට නිතරම මම මේ දොස්තර මහත්තයාව දැකලා තියෙනවා. එයා අපිත් එක්ක කථා කරන්නේවත් නැති එක්කෙනෙක්. වෙන දොස්තරලා නම් අපි එක්ක කතා කරනවා. නමුත් මෙයා එහෙම ලෙහෙසියෙන් කථා කරන එක්කෙනෙක් නෙමේ. ඔය දොස්තර මහත්තයා කසාද බැඳලා කියලා ආරංචි වුනාට එයාගේ නෝනා කවුද කියලා අපි කවදාවත් දැකලා තිබුන්නේ නැහැ.
ඉතින් මට එකපාරටම හිතුනා මේ දොස්තර මහත්තයාගේ නෝනාද දන්නේ නැහැ කියලා. ඒක නිසා මම ඒ වෙලාවේ දොස්තර මහත්තයාගෙන් ඇහුවා උදව්වක් ඕනේද ? කියලා. ඒ වෙලාවේ තමයි එයා මාව දැක්කේ. එයා කිව්වා උදව් අවශ්‍ය නැහැ කියලා.
මං පල්ලෙහාට ඇවිත් එතකොට වෙලාව දවල් 12.45 විතර ඇති, ටික වෙලාවකින් සෙනග හරිම කලබලයකින් දුවන්න ගත්තා 06 වැනි තට්ටුවෙන් ගැණු ළමයෙක් බිමට වැටිලා කියලා. මැරුණු චමිලාගේ ෆොටෝ දැක්කාහම මට මතක් වුනා එදා මේ දොස්තර කාඞ් බෝර්ඞ් එකේ තියාගෙන ඇදන්ගිය ගැණු ලමයා චමිලාම තමයි කියලා.
වෛද්‍යවරයා සිටි කාමරයේ ව්‍යාඝ‍්‍රා පෙති දෙකකුත් කාමරයට දකුණු පසින් කෙස් රොදකුත් හමුවූ බවට පොලිස් පරීක්ෂක කුමාර තිලක් සුභසිංහ මේ ගැන අධිකරණයට පවසා තිබුනේ,
මම වසර තිහක් ශ‍්‍රී ලංකා පොලීසියේ මීගමුවේ වසර 2ක් රාජකාරි කර තිබෙනවා.
මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකගෙන් මට නියෝගයක් ලැබුණා. මීගමුව රෝහලේ උඩුමහලින් 2007 නොවැම්බර් මස 12 වෙනිදා කාන්තාවක් වැටී තිබෙනවා. ඒ ගැන විමර්ශනයක් කරන ලෙසට. එම නියෝගයට අනුව එදින සවස 4.20ට පමණ රෝහලට ගියා. රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකුගෙන් ලද තොරතුරක් අනුව රෝගීන් ඇතුළත් කිරීමට යන කොටස පරීක්ෂා කළා. අඟල් 8ක් පමණ ලේ පැල්ලමක් තිබුණා. ලේ පැල්ලම තිබුණු ස්ථානය ආරක්ෂක පටි දමා ආරක්ෂා කළා. අපරාධ ස්ථාන ආරක්ෂා කරන ආකාරයට නිලධාරියකුත් යෙදෙව්වා. කාන්තාව වැටී සිටි ස්ථානයේ තිබුණ ලේ පැල්ලම, එම තට්ටු ගොඩනැගිල්ලේ උඩුමහල දක්වාම ඇති පැසේජය කෙළින්මයි තිබුණේ.
මගේ විමර්ශනවලට අනුව සිහිසුන් කෙනෙක් බිමට වැටී හෝ මියගිය කෙනෙක් බිමට වැටී ඇති බව මට හැඟුණා. මගේ දැනීමේ හැටියට පැනීමක් නිසා සිදුවුණු ලේ පැල්ලමක් ලෙස මෙය තහවුරු කිරීමට බැහැ. පැනීමක් සිදුවුණා නම් ලේ පැල්ලම වෙනත් ස්ථානයක තිබිය යුතුයි. මෙය පැනීමක් නොවන බව වැඩිදුර විමර්ශනවලදී මට අනාවරණය වුණා. රාත‍්‍රී 9.21ට පමණ වෛද්‍ය සුදර්ශන බාලගේ සිටි කාමරය පරීක්ෂා කිරීමට ගියා. වෛද්‍යවරයා අපට කාමරය විවෘත කර දුන්නා.
මෙම පරීක්ෂණය මම සිදු කළේ. එම කාමරයේ සිට කෙනෙක්ට පනින්න හෝ දාන්න පුළුවන්ද කියන එක ගැනයි. එහි වැසිකිළියක් තිබුණා. වැසිකිළියේ ජනේලයක් තිබුණු අතර ජනේලයට පියන් දෙකක් තිබුණා.
ප‍්‍රශ්නය - කාමරයේ සිට කිසිවකු එළියට දැමීමේ හැකියාව තිබුණාද?
උත්තරය - එහෙමයි. කාමරයේ රෝහල් ඇඳන් දෙකක් එකට ළංකර තිබුණා. වානේ කබඞ් එකක් තිබුණා. එහි කාන්තා පිරිමි පාවහන් තිබුණා. රූපවාහිනියක් ඇසුරූ පෙට්ටියක් පැතිලියට කඩලා තිබුණා. එම කාඞ්බෝඞ් එක දෙපැත්තේ තැලී තිබුණා. එම කාඞ්බෝඞ් එක කෙනෙකු ඇඟිලි තුඩුවලින් මිරිකා ගෙන සිටින ආකාරයට එක පැත්තක් පොඩි වී තිබුණා. තව පැත්තක සීරිලා පළුදු වී තිබුණා. කාඞ්බෝඞ් එක බිම ඇඳගෙන ගිය ආකාරයට තිබුණා.
තවත් ලාච්චුවක් විවෘත කරන විට කබඞ් එකක පෙති වර්ගයක් තිබුණා. පෙති 4ක කාඞ් එකක පෙති දෙකක් තිබුණා. ව්‍යාඝ‍්‍රා පෙති ලෙස මේවා නම් කරලා තිබුණා. මට මෙම පරීක්ෂණයේදී කාන්තාවකගේ යැයි කිව හැකි කෙස් රොදවල් දෙකක් හමුවුණා. හයවෙනි මහලේ කොරිඩෝවේ කෝණ්ඩා කට්ටක් සහ කේර්ල් කටු දෙකක් හමුවුණා.
සාක්ෂි අනුව මෙය මිනීමැරුමක් බවට තීරණය වුණා.
මොණරාගල, දඹගල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා දිසානායක (22) නම් වෙළඳ කලාපයේ සේවිකාව 2007 නොවැම්බර් 12 දින දූෂණය කොට උඩු මහලින් තල්ලූ කොට මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි 42 හැවිරිදි වෛද්‍ය සුදර්ශන බාලගේට එරෙහිව වසර 7 ක් තිස්සේ නඩු විභාගවීමෙන් අනතුරුව අද ඔහුට අධිකරණයෙන් මරණ දඬුවම නියම වුණා.
විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ‍්‍රී ලාල් ප‍්‍රනාන්දු මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා හා තනුජා හතුරුසිංහ මහත්මිය පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ප‍්‍රසන්න ලාල් ද අල්විස් හා නීතිඥ තුසිර මැලව්වෙතන්ත‍්‍රී යන මහත්වරු ඉදිරිපත් වුණා.