මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයින් තිදෙනෙකු වෙනුවෙන් ව්‍යාජ ලෙස පෙනී සිටි වෙනත්
අය තිදෙනෙකු තැන් තුනකදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.10 වන දින උදෑසන කාලයේ කල්මුණ පොලිස් වසමේ සයින්දමරුදු 03 ප්‍රදේශයේ පාසලක 2018 අ.පො.ස. සා. පෙළ
විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් විය යුතු අපේක්ෂකයා වෙනුවෙන් ආ වෙනත් අපේක්ෂකයකු අත්අඩංගුවට පත්විය. සැකකරු වයස අවුරුදු 19ක්වූ සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

10 වන දින උදෑසන කාලයේ තණමල්විල පොලිස් වසමේ බෝදාගම ප්‍රදේශයේ පාසලක බාහිරව ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් විය යුතු 40 හැවිරිදි අපේක්ෂකයා වෙනුවෙන් තවත් 45 හැවිරිදි අයෙකුද තිහගොඩ පොලිස් වසමේ පුහුල්වැල්ල ප්‍රදේශයේ පාසලක 2018 අ.පො.ස. සා. පෙළ විභාගයේ බාහිරව

ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් විය යුතු 24 හැවිරිදි අපේක්ෂකයා වෙනුවෙන් 25 හැවිරිදි වෙනත් අපේක්ෂකයකුද ඉදිරිපත් වී සිටින බවට විභාග අධීක්ෂණ නිලධාරී විසින් තිහගොඩ පොලිස් ස්ථානයට කරන ලද දැනුම් දීම මත අත්අඩංගුවට පත්ව ඇත.
 ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.