මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිටපු විධායක නිලධාරිවරයා වන  සමිර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට සැලසුම් සහගතව ඔහු විසින්ම  වෙඩි තබාගෙන නීතිය නොමග යැවීමේ සිද්ධියේ හතරවන සැකකරු වන වෛද්‍ය සමිර සේනාරත්න මහතා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් යටතේ
මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත.

 එම සිද්ධියට අදාළ අන්සැකකරුවන් තිදෙනා ලබන 26 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඊයේ (19) නියෝග කළේය.

 මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වන්නේ සුචිත් නිරෝෂණ හෙවත් ටීනා, සිසිර උදය කුමාර. අරුණ ලක්මාල්, කුෂාත්ත විලන්ගමුව හා වෛද්‍ය සමීර සේනාරත්න යන අයයි.

මෙම නඩුවේ පළමු වැනි දෙ වැනි හා තුන් වැනි සැකකරුවන් මේ වන විට කොළඹ මහාධිකරණයේ ඇප

ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇති අතර, එම තිදෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඔවුන් ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.  මෙම අපරාධමය සිද්ධියේ පළමු වැනි දෙවැනි හා තුන්වැති සැකකරුවන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති අතර, හතර වත සැකකරුවා වන වෛද්‍ය සමීර ස්නාරත්න මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ව්‍යාඡ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම, ව්‍යාඡ ප්‍රකාශ ලබාදීම හා සැලසුම් සහගත ලෙස කුමන්ත්‍රණය කිරීම යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත්කර තැබිය.

මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (10) යළි අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ හතර වන සැකකරු වන වෛද්‍ය සමීර සේනාරත්න මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ඡනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා කියා සිටියේ, හතර වත සැකකාර තම ස්වාදායක ගෙවද්‍යවරයා මේ වන විට මාස එක හමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව ඇති නිසාත් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව ඇති කාලය හෝ එයට පෙර සාක්ෂිකරුවකුට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට කිසිම බලපෑමක් හෝ තර්ඡනයක් කර නොමැති බැවින් සුදුසු ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම ක්‍රියාව හතර වන සැකකාර වෛද්‍ය සමීර සේනාරත්න මහතා හිතාමතාම වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට විශ්වවිද්‍යාල සිසුන් ගෙන් එල්ලවන විරෝධතා මැඩපැවැත්වීම සඳහාත්, එම ශිෂ්‍යයින්ට වරද පැටවීමේ චේතනාවෙන් කළ කුමන්ත්‍රණයක් නිසා සැකකරුට ඇප ලබාදීමට තරයේ විරුද්ධ වන බවයි. මෙම ක්‍රියාවෙන් ශ්‍රී ලංකා රඡය ද අපරාධ පරික්ෂණයට දෙපාර්තමේන්තුව ද අධිකරණය ද දැඩි අපහසුතාවකට පත්වූ බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය. සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා හතර වන සැකකාර
වෛද්‍යවරයා ඉහත කී ඇප කොන්දේසි යටතේ මුදාහරිමින් ජූලි මස 26 දක්වා කල් තබන ලදී.