මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදී සිසුන්ගේ සුහද හමුවකදී ආදී සිසුවකු ලෙස සහභාගී වුණු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම සුහද හමුවේදී දේශපාලනය කතා කිරීම නිසා ඇති වූ සිද්ධියක් මත 
එම සුහද

හමුවෙන් පිටව යාමට සිදු වී ඇත.

 මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුන්ගේ සුහද හමුවක් පසුගිය 2දා  විදුහල් පරිශ්‍රයේ පවත්වා ඇත. ආදී සිසුවකු ලෙස රංජන් රාමනායක මහතාද එම සුහද හමුවට සහභාගි වී. තිබේ. රන්ජන් රාමනායක මහතා සංවිධායක මණ්ඩලයේ ආරාධනයෙන් මේ අවස්ථාවේ ගීතයක් ගායනා කර ඇත. ඒ සමග ඔහු කතාවක්ද පවත්වා තිබේ.

දේශපාලනඥයකු ලෙස රන්ජන් රාමනායක මහතා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන දේශපාලනය කතා කීමට යාම නිසා සිය හිත මිත්‍ර ආදී සිසුන්  මේ සඳහා විරෝධය පළකර තිබේ. මේ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂිත නිලධාරින් තරමක කලබල ගතියක් පෙන්වීම නිසා ආදි සිසුන්ගේ විරෝධයද තරමක් වැඩි  වී තිබේ. ඉන් පසු සංවිධායක මණ්ඩලය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට සහය ලබාදී නියෝජ්‍ය අමාත්‍යවරයාව විදුහල් භූමියෙන් පිටතට ගෙන යාම සිදු කරවා ඇත.