බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (26) අලුයම ඇතිවූ හදිසි අනතුරක් හේතුවෙන් ශ්‍රී ලංකා
කණ්ඩායමේ කුසල්

ජනිත් පෙරේරා අබාධයකට ලක්ව රෝහල් ගත කරන ලදි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ 2 වන ඉණිමේදී දිල්රුවන් පෙරේරා ගේ පන්දුවකට ෂැනොන් ගෙබ්‍රියල් විසින් ලෝන්ග් ඔන් කලාපයට ඉහලින් එල්ල කළ පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට උත්සහ කිරීමේදී කුසල් ජනිත් පෙරේරා ඒ අසල සවිකර තිබු දැන්වීම් පුවරුවක් මතට ඇද වැටීමෙන් මෙම හදිසි අනතුර සිදුවූ අතර පිටිය මැදට වහා පැමිණි  ගිලන් රථයක් මගින් ඔහු රැගෙන රෝහල කරා යොමු කෙරිණි.