හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු කර සිරදඬුවම්, දඩ හා වන්දි නියම වූ
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්
ට හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා

ලබාදුන් තීන්දුව හා දඬුවම ඉවත දමා තමන් නිදහස් කරන්නැයි ඉල්ලා  ඥාණසාර හිමියන් එම අධිකරණයටම අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

විත්ති පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු නිසි ලෙස විශ්ලේෂණය නොකර වැරදි පදනමක සිට මහෙස්ත‍්‍රාත්වරයා තමන් වැරදිකරු කර ඇතැයි සඳහන් කරන හිමියෝ මහෙස්ත‍්‍රාත්වරයාගේ තීන්දුව ඉවත දමා තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ඇත.

වගඋත්තරුකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇති අතර නීති ක්ෂෙත්‍ර ආරංචි සඳහන් කරන්නේ මෙම අභියාචනාව විභාග කිරීම ඇරඹුවහොත් හිමියන් එය නිමවනතුරු  දැනට ගතකරන සිර ජීවිතයෙන් නිදහස් වනු ඇති බවයි.