පෞද්ගලික සිනමා මණ්ඩල හරහා චිත්‍රපට බෙදාහැම් ක්‍රමවේදය ඉවත්කර, ඒ සියලු බලතල ජාතික චිත්‍රපට සංස්ථාවට පවරාගැනීමට කටයුතු කරන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා
පැවසීය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකට එවෙමින් ඔහු මේ බව කීය.

මේ වනවිට පවතින සිනමා මණ්ඩල පහ වෙනුවට එය ධාරා තුනකට හෝ හතරකට බෙදා වෙන් කර, ඒ සියලු මණ්ඩලවලට සාධාරණයක් ඉටුවන ලෙස චිත්‍රපට සංස්ථාව

මගින් චිත්‍රපට බෙදාහමේ කටයුතු සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.  මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා.

 "පසුගිය කාලේ සිනමාවේ ඇති අර්බුදය විසඳාගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කළා. ඒ අනුව සිනමාහල් හිමියන්, නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් සමග ඇමතිතුමා, අමාත්‍යංශ ලේකම් සහ අතිරේක ලේකම් සහභාගි වී පැවැත්වූ සාකච්ඡා කිහිපයකින් අනතුරුව තමයි මේ තීරණය ගනු ලැබුවේ. හැත්තෑ ගණන්වල චිත්‍රපට ශාලා හාරසිය ගණනක් තිබුණා. දෙදාහ වනවිට එය 281 දක්වා අඩු වී තිබුණා. දෙදාහ වසරේ පෞද්ගලික අංශයට පැවරීමත් සමග අද වනවිට චිත්‍රපට  ශාලා 177ක් පමණයි පවතින්නේ. පෞද්ගලික සමාගම්වලට ලබාදුන් ගිවිසුම්වල පවා තිබෙන්නේ තාවකාලික ලබාදීමේ පනතක් ලෙස එය සංශෝධනය කර ලබාදෙනවා කියලා. ඒත් වසර දහ අටක් ගියත් එය සිදුව නැහැ. අපි මේ කටයුත්ත විධිමත්ව සිදු  කරනවා” යනුවෙන් පැවසීය.