ලෝක පරිසර දිනය නිමිත්තෙන් කොළඹ නගරය හරිත නගරයක් බවට පත් කිරිම සඳහා විහාරමහාදේවි
උද්‍යානය ඇතුළු

නගරයේ පිහිටි සියලුම වෘක්ෂයන් පිළිබඳ සංග ණනයක් අද (5) සිදු කරන බව කොළඹ මහ නගර සභාව පවසයි. ප්‍රථමවරට ග්‍රීන්සිටි නමින් ආරම්භ කර ඇති මෙම ව්‍යපෘතිය යටතේ කොළඹ නගරයේ හඳුනාගත් ප්‍රදේශවල රුක් රෝපණයක් ද සිදුවන බව නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්. ඉක්බාල් මහතා පවසයි.
ඒ අනුව කොළඹ සිටුවා තිබෙන ගස් හා එම කලාප පිළිබඳ දත්ත අද දිනයේ රැස් කරනු ඇත. එම සංඛ්‍යාෙල්ඛන අනුව ඉදිරියේදී සැලසුම් සකස් කරනු ඇත.