සුගිය සෙනසුරාදා දිවයින දිනපතා පුවත්පතේ 4 වන පිටුවේ පළවූ විදෙස් පුවතකින් අනාවරණය කර තිබුනේ අඟහරු ග්‍රහයා මත ගොඩනැගිලි ඉදිකිරීමට යොදාගන්නා ගඩොල් තොගයක් තිබී හමුවූ බවයි.
නාසා ආයතනය පසුගියදා පර්යේෂණ සඳහා යෙදවූ
කියුරෝසිටි යානාව අඟහරු වෙතින් මෙම සොයාගැනීම කළ බවත් වසර බිලියන 3.5 ක් පමණ පැරණි මෙම ගඩොල් හමුවීම විශ්මය ජනක සොයාගැනීමක් බවත් එහි විස්තර කර තිබුණි. ඒ ඔස්සේ අඟහරු තුළ ගඩොල් මගින් ගොඩනැගිලි ඉදි කළ ජනාවාස පැවති බවද එම වාර්තාව මගින් වැඩිදුර විස්තර කර තිබේ.

කෙසේ වෙතත් මෙම පුවත දෝෂ සහගත බවත් විදෙස් මාධ්‍ය තුළ පළවූ පුවතක් වැරදි ලෙස පරිවර්තනය කර මෙම දෝෂය හටගෙන ඇති බවත් සමාජ මාධ්‍ය තුළ අදාළ පුවත සමග පළව තිබෙන සටහන් මගින් පෙන්වා දී තිබේ.