තංගල්ල රන්න ප්‍රදේශයේ පාසලක 13 හැවිරිදි පාසල් සිසුවියක දරුවෙකු බිහි කිරීමේ සිද්ධියක් වාර්තාවේ. පාසලේදී රෝගී තත්වයක් පෙන්නුම් කිරීම නිසා රෝහලට ඇතුළත් කරන තුරු ඇය ගැබිණියකවසිටි බවද
කිසිවෙකුට වැටහී නැත. ඒ වනවිටත් දරු ගැබට මාස 8 ක් සම්පූර්ණවී තිබුණ අතර ඇතිවූ අපහසුතා මැද

ඇයට සිසේරියන් සැත්කමක් සිදු කර දරුවා බිහිකර ඇත. බිළිඳා මේ වනවිට සුව තත්වයේ පසුවන නමුත් 13 වියේ දැරියගේ තත්වය බරපතල බව තංගල්ල රෝහල් ආරංචි හෙළි කරයි.
මේ අතර ඇය ගැබිණියක් බවට පත්වීම ගැන රෝහල් බලධාරීන් පොලිසිය සමග එක්ව විමර්ශනයක් දියත් කළ අතර දැරිය පවසා ඇත්තේ ඥාතීත්වයෙන් මාමා වන කෙනෙකු මීට කලෙකට පෙර නිවසේ වෙනත් කිසිවෙකු නැති වෙලාවක තමා වෙත පැමිණ අතවරයක් සිදු කළ බවයි. කාටහෝ මේ ගැන කීවොත් මරාදමන බවට කළ තර්ජනය නිසා දිගටම මේ ගැන නිවැසියන්ගෙන්ද වසන් කළ බවත් සියල්ල රහසක් ලෙස රැකගත් බවත්ය.ඇයගේ නිවස පිහිටි කහන්දමෝදර ප්‍රදේශයේ ඇගේ නිවස අසළම පදිංචිව සිටින ඥාතී මාමා 55 හැවිරිදි වියේ පසුවන අයෙකු වූ අතර පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.